ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කඳුකරය සුරැකීම පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස වසන්ත යාපබණ්ඩාර මහතා පත්කෙරේ

දිනය : 2023-12-08

කඳුකරය සුරැකීම පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වසන්ත යාපබණ්ඩාර මහතා පත් කෙරිණි. උක්ත සංසදයේ සමාරම්භක රැස්වීම පසුගියදා (දෙසැ. 06) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර ගරු වසන්ත යාපබණ්ඩාර මහතා සභාපතිවරයා ලෙස පත්කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) ගරු වී. රාධක්‍රිෂ්ණන් සහ  ගරු නිමල් පියතිස්සගේ යොජනා සිථිරත්වයෙනි.

අනතුරුව, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් සහ ගරු නිමල් පියතිස්ස යන මහත්වරු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පත් විය.

කදුකරය සහ කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අභිනව සභාපතිවරයා අවධාරණය කළ අතර සංසදයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට ගරු නිමල් පියතිස්ස, (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන්, ගරු වරුණ ලියනගේ, ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු අබ්දුල් හලීම්, ගරු උදයන කිරිඳිගොඩ, ගරු වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරයන් එක්ව සිටියහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි