ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට ගෑස් කැණීම් සිදු කිරීමට ඉක්මනින් මාර්ග සිතියමක් සකස් කරන්න - ‘කෝපා’ කමිටුව නිලධාරීන්ට උපදෙස් දෙයි

දිනය : 2022-06-27

මෙරට භූමියේ අවශ්‍ය කැණීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී ලංකාවේ සැලසුම් කොට ඇති ස්වභාවික වායු කැණීමේ ව්‍යාපෘති (LNG) පිළිබඳව සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කිරීමක් අමාත්‍යාංශ නිලධාරීන් සිදු කළ අතර මෙම කැණීම් සඳහා විවිධ බාධාවන් පවතින බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් මේ සඳහා සම්බන්ධවන පාර්ශ්වයන් පිළිබඳව විමසන ලදි. එසේම මෙම කැණීම් සඳහා විදේශ රජයන්ගේ උපදෙස් අවශ්‍යවන්නේදැයි එම මන්ත්‍රීවරු විමසා සිටියහ. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ එසේ වෙනත් රජයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බවයි.

මේ අනුව මෙම කැණීම් ඉක්මනින් සිදු කොට අවසන් විය යුතු බවත් එය රටේ අවශ්‍යතාවයක් බවත් එබැවින් මෙම කැණීම් සිදු කිරීමට මාර්ග සිතියමක් ඉක්මනින් සකස් කරන ලෙසත් කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ලසන්ත අලගියවන්න, ගරු දයාසිරි ජයසේකර, (වෛද්‍ය) ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු උදය ගම්මන්පිල, ගරු හේෂා විතානගේ, (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර, ගරු නිරෝෂන් පෙරේරා, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු දුමින්ද දිසානායක, ගරු වීරසුමන වීරසිංහ, (වෛද්‍ය)  ගරු උපුල් ගලප්පත්ති, ගරු එස්. ශ්‍රීතරන්, බී.වයි.ජී. රත්නසේකර, ගරු අශෝක් අබේසිංහ සහ ගරු ප්‍රසන්න රනවීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

2 3

5 6

7

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි