සිසිර ජයකොඩි සියපත පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාවට ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ අනුමතිය |
දිනය : | 2022-06-10 |
සිසිර ජයකොඩි සියපත පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාවට සංශෝධන සහිතව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ අනුමතිය ඊයේ (09) හිමිවිය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව අධ්‍යාපන අමාත්‍යතුමා විසින් 2022 බෙරවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව එම වාර්තාව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ඊයේ (09) ඉදිරිපත් කරන ලද අතර එහිදී ඒ පිළිබඳ සාකච්ඡා කොට සලකාබලා සංශෝධන සහිතව අනුමතිය ලබා දී තිබේ.
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව එහි සභාපති නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර ඒ මහතා නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ධුරයන්ට පත්වීමේන් පසු සහභාගී වූ පළමු කාරක සභාව මෙය වේ.
මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු සිසිර ජයකොඩි, ගරු චන්දිම වීරක්කොඩි, ගරු අනුප පස්කුවෙල්, ගරු බී.වයි.ජී රත්නසේකර, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු ජයන්ත වීරසිංහ යන මහත්වරු සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධ්‍යපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









