ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලංකා විදුලිබල මණ්ඩලය ලබන සතියේ ‘කෝප්’ කමිටුව හමුවට

දිනය : 2022-06-01

ලංකා විදුලිබල මණ්ඩලය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට  කැඳවා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 සහ 2019 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව මෙහිදී විමර්ශනය කිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලයට අමතරව ලබන 07 වැනිදා නාගරික සංවර්ධන අධිකාරියද ලබන 08 වැනිදා මොරටුව විශ්වවිද්‍යාලයද කෝප් කමිටුව වෙත කැඳවා තිබේ. කෝප් කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් රැස්වේ.

එමෙන්ම රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ රැස්වීම් කිහිපයක්ද එළඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. ලබන ජූනි 07 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයද, ජූනි 08 වැනිදා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවද, ලබන 09 වැනිදා ධීවර අමාත්‍යාංශයද කෝපා කමිටුව හමුවට කැඳවා තිබේ. එයට අමතරව ජූනි 10 වැනිදා රටේ පවතින වත්මන් ආහාර අර්බුදය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සතොස ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ජාතික සමූපකාර සංවර්ධන ආයතනය, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව යන ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. කෝපා කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි