ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට නිසි පරිදි දැනුවත්කිරීම් සිදු ‍කිරීමේ අවශ්‍යතාව ‘කෝපා’ කමිටුව පෙන්වා දෙයි

දිනය : 2022-05-20

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහාද නිසි පරිදි  ජනතාව දැනුවත් කිරීම් සිදු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳ පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව විසින් නිරීක්ෂණය කොට තිබේ.

මේ නිසා 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිතා වන බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ.

මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමු වාර්තාවේ ය.

2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.

 

 රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව (9 වැනි පාර්ලිමේන්තුව, 2 වැනි සභාවාරය)

 

water-lilly

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි