ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘කෝපා’ කමිටුවේ පළමු වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

දිනය : 2022-05-19

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතා විසින් හෙට (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.

ඒ අනුව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, කුරුණෑගල මහනගර සභාව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය සහ සෞඛ්‍ය පෝෂණය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයීම්, සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ 2018 මාර්තු 14 දිනැති විගණකාධිපති විශේෂ විගණන වාර්තාව පිළිබඳ විමර්ශිත තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි