ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගෑස් අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා ලිට්‍රෝ ගෑස් ආයතනය හෙට ‘කෝප්’ කමිටුව හමුවට

දිනය : 2022-05-19

පවතින ගෑස් හිඟය සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව විමර්ශනය සඳහා ලිට්‍රෝ ගෑස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හෙට (20) පෙ.ව. 11.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව)  හමුවට කැඳවා ඇත.

ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබදව අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ද කියා සිටියේ මෙම කටයුතු පිළිබඳ සොයා බැලීමට ලිට්‍රෝ ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට අපේක්ෂා කරන බවයි.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි