ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකුට සහ තානාපතිවරු තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දිනය : 2022-05-05

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකුට, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකුට සහ තානාපතිවරු තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය අද (05) හිමි විය.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමතිය හිමි විය.

එහිදී තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත මයිකල් ද සිල්වා මහතාට, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.අයි. බණ්ඩාරනායක මහතාට සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්.පී.පී. ප්‍රනාන්දු මහතාට මෙලෙස අනුමතිය ලබා දී තිබේ.

මෙයට අමතරව කොරියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සාවිත්‍රී අයි. පානබොක්කේ මහත්මිය පත්කිරීමට විදේශ අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

ඒ අතරම ඕමාන් සුල්තාන් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අහමඩ් ලෙබ්බේ සබරුල්ලාහ් ඛාන් මහතා පත් කර යැවීමට සහ තුර්කි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස්.එච්.යූ. දිසානායක මහත්මිය පත් කිරිමටද අනුමතිය හිමි විය.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු ධර්මලිංගම් සිද්ධාර්තන් සහ (විශේෂඥ වෛද්‍ය) ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි