ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් ‘කෝප්’ කමිටුව හමුවට

දිනය : 2022-04-21

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන 25 වැනිදා පෙරවරු 10.00 ට කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන්යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීම‍ට අදාළව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවන බවට කෝප් සභාපතිවරයා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි