ආනයනය කරනු ලබන සහල් වැනි භාණ්ඩවල බදු අඩුකිරීමෙන් මහජනතාවට අපේක්ෂිත පරිදි ප්‍රතිලාභ ලැබෙන්නේද යන්න සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය ක්‍රියාශීලීව මැදිහත් විය යුතුයි - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව |
දිනය : | 2022-04-19 |
2022.04.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022.01.11 දිනැති අංක 2262/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රේගු ආඥාපනත (235 පරිච්ඡේදය) යටතේ ඇති යෝජනාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී රැස්විය.
ඒ අනුව ඒ පිළිබඳ කමිටු වාර්තාව ලබන අප්‍රේල් 20 වැනි දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
එම යෝජනාව සැලකිල්ලට ගනිමින් ආනයනික සහල් වැනි භාණ්ඩ සඳහා වන බදු අඩුකිරීම් තුළින් මහජනතාවට අපේක්ෂිත පරිදි ප්‍රතිලාභ සැලසෙන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය ක්‍රියාශීලීව මැදිහත් විය යුතු බව සභාපතිවරයාගේ සහ කමිටු සාමාජිකයින්ගේ අදහස විය.
තවද, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනත යටතේ 2021.11.23, 2021.12.21, 2021.12.31 සහ 2022.01.11 දිනැති අංක 2255/8, 2259/9, 2260/72 සහ 2262/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති 2022.04.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නියෝග කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.
අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එම්. ඒ. සුමන්තිරන්, ගරු නලින් ප්‍රනාන්දු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූ අතර ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීමට සම්බන්ධ විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










