ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ අදහස් තවදුරටත් ලබාගැනීමට සාකච්ඡා

දිනය : 2022-03-23

යෝජිත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ අදහස් තවදුරටත් ලබාගැනීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

විශේෂයෙන්ම මෙම කාරක සභාව සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් සාමාජිකයින් සහභාගී වූ අතර එම සාමාජිකයින්ගේ අදහස වූයේ මේ සඳහා උපදෙස් ලබාගැනීමට පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින්ගේ අදහස් තවදුරටත් ලබාගැනීම වඩාත් සුදුසු බවයි. මේ අනුව විශේෂඥ කමිටුවේ අදහස් තවදුරටත් ලබාගෙන එළඹෙන අප්‍රේල් 7 වන දා මෙම විශේෂ කාරක සභාව නැවත රැස්වීමට තීරණය කෙරුණි.

මෙම විශේෂ කාරක සභාව සඳහා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර කුමාර දිසානායක, ගරු රංජිත් මද්දුමබණ්ඩාර, ගරු විමල් වීරවංශ, ගරු රවුෆ් හකීම්, ගරු කබීර් හෂීම්, ගරු එම්.ඒ. සුමන්තිරන්, ගරු මනෝ ගනේෂන්, ගරු මධුර විතානගේ යන මහත්වරු සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.

 

1 2

5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි