ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි ද්විත්වයක් සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය |
දිනය : | 2022-03-15 |
ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි ද්විත්වයක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පසුගිය (11) දා හිමි විය.
මේ සඳහා එකඟතාවය හිමි වූයේ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඉඩම් අමාත්‍ය ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මේ අනුව ඉඩම් සංවර්ධන ආඥාපනතේ 155 සහ 156 වගන්ති යටතේ ඉඩම් අමාත්‍යවරයා විසින් පනවනු ලදුව, 2021 ඔක්තෝබර් 28 දිනැති අංක 2251/48 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එයට සිදුකරන ලද සංශෝධන ද ඇතුළත් 2022 පෙබරවාරි 07 දිනැති අංක 2266/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සහ 2022 ජනවාරි 15 දිනැති අංක 2262/50 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එයට සිදු කරන ලද සංශෝධන ද ඇතුළත් 2022 පෙබරවාරි 07 දිනැති අංක 2266/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සඳහා මෙසේ එකඟතාවය හිමි විය.
2014 වර්ෂයේදී ඉඩම් සංවර්ධන නියෝග 3හි අ, ආ, ඇ, ඈ, ඡේද මගින් නිර්ණය කර තිබෙන බලපත්‍ර හා දීමනාපත්‍ර නිකුත් කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ආදායම් සීමාවන් සංශෝධනය කිරීම සහ 1985 වර්ෂයේ ඉඩම් නියෝග 115 මගින්, ඉඩම් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර හා දීමනාපත්‍රවලට අදාළ ඉඩම්වල අවම බෙදුම් සීමාවන් සංශෝධනය කිරීම මෙම රෙගුලාසි සංශෝධන මගින් සිදුවනු ඇත.
මෙම උපදේශක කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්තීවරුන් වන ගරු අසංක නවරත්න, ගරු ගයන්ත කරුණාතිලක, ගරු මායාදුන්න චින්තක අමල්, ගරු රවුෆ් හකීම්, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු මධුර විතානගේ, ගරු ගීතා කුමාරසිංහ සහ ගරු යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










