ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාව |
දිනය : | 2022-03-14 |
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා (11) රැස්වූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමිවිය.
විදේශ කටයුතු අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් පැවති විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පෙබරවාරි 10 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධිත පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිවූ අතර එම වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
අධිකරණ අමාත්‍ය ගරු අලි සබ්රි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මයන්ත දිසානායක, ගරු මධුර විතානගේ, ගරු (ආචාර්ය) සුරේන් රාඝවන්, ගරු (මහාචාර්ය) චරිත හේරත් සහ ගරු ඉසුරු දොඩංගොඩ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











