පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය |
දිනය : | 2022-03-09 |
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය ඊයේ (08) හිමි විය.
මේ සඳහා එකඟතාවය හිමි වූයේ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනි.
පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම පිණිසද, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීමට සහ ශක්තිමත් කිරීම පිණිසද, දත්ත ආරක්ෂණ අධිකාරිය නම් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.
මෙම උපදේශක කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ප්‍රසන්න රණවීර, ගරු ජානක වක්කුඹුර, ගරු තේනුක විදානගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මයන්ත දිසානායක, ගරු යදාමිණී ගුණවර්ධන, ගරු අරවින්ද කුමාර්, වෛද්‍ය ගරු තිලක් රාජපක්ෂ, ගරු නිපුණ රනවක, ගරු ඩී. වීරසිංහ යන මහත්වරු සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










