ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අනතුරුවලදී ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රු. ලක්ෂ 20 දක්වා ඉහළට - පනත් කෙටුම්පත සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

දිනය : 2022-02-24

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ වැඩි කිරීම සඳහා වන කම්කරු වන්දි (සංශෝධන) පනත දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පසුගියදා හිමිවිය.

කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය ගරු පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අතර හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මෛත්‍රීපාල සිරිසේන, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජෝන් සෙනෙවිරත්න, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර සහ වෛද්‍ය ගයාෂාන් නවනන්ද  යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී  දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය වන රු 550,000 ක මුදල,  රු 2,000,000 (විසි ලක්ෂය) දක්වා වැඩි කිරීම මෙමගින් සිදුවේ.

එසේම දැනට රැකියා අවස්ථාවේදී පමණක් වන්දි ගෙවීමට ඇති ප්‍රතිපාදනය, රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කොට අර්ථ නිරූපණය වඩාත් පුළුල් කිරීමද මේ හරහා සිදුවන බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. තවද වන්දි ගෙවීම ප්‍රමාද වීමේදී  අයකරන අධිභාරයන් 10% දක්වා 30% දක්වා වැඩි කිරීම ඇතුළු සංශෝධන කිහිපයක්  මේ යටතේ සිදුවන බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තා කිහිපයක් සළකා බැලීමද මෙහිදී සිදුවිය.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි