මෙම වතාවට පමණක් සීමා වන පරිදි පැරණි මැතිවරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම යෝග්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී යෝජනා කරයි |
දිනය : | 2021-12-02 |
මෙම වතාවට පමණක් සීමා වන පරිදි පැරණි මැතිවරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම යෝග්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අද (02) යෝජනා කළේය.
එම පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය දීර්ඝ කාලයක් තිස්සේ නොපැවැත්වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි. පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුය යන්න සිය පක්ෂයේ මතය බවද හෙතෙම කීවේය. එසේම ලබන වසරේ මුල් කාර්තුව තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය. පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව උපරිමය 5500 කට සීමා විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීම සුදුසු නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී පැවසීය. පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩුකළ යුතුය යන්න ජනතා මතය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, මැතිවරණය පවත්වා නව සභිකයන් දිවුරුම් දෙන තෙක්, එම ආයතනවල බලය කොමසාරිස්වරයෙකු යටතට පැවරීමේ අවශ්‍යතාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී පැහැදිලි කළේය.
පවතින නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිය යන්න නීතිපති මතය බවද ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ගෙන ආ යුතු බවද කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කීවේය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න කාරක සභාවේ පොදු මතය බවද සභාපතිවරයා සඳහන් කළේය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී කොට්ඨාසවලින් පත්වන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සියයට 60 ක් විය යුතු බවත්, සමානුපාතිකව තෝරා ගනු ලබන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සියයට 40 ක් විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාරක සභාවේදී යෝජනා කළේය.
මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතුය. මැතිවරණ වියදම් සීමා කිරීමට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය වේ. සියලු තලයන්හි කාන්තා නියෝජනය ඉදිරිපත් කරනු ලබන අපේක්ෂක සංඛ්‍යාවෙන් සියයට 25 ක් විය යුතු බවද එම පක්ෂයේ මතය විය.
එමෙන්ම මැතිවරණ කාල සීමාව තුළ ජනමාධ්‍යයේ හැසිරීම නියාමනය කළ යුතුය. විශේෂයෙන් සමාජ මාධ්‍ය හැසිරීම නියාමනය වැදගත් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාරක සභාවේදී අවධාරණය කළේය.
මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණයට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීමේ විද්වත් කමිටුවේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා කාරක සභාවේදී සඳහන් කළේ 70:30 අනුපාතයට අනුව නව මැතිවරණ ක්‍රමය සකසන්නේ නම්, පළාත් පාලන ආයතනවල දැනට පවතින සභිකධූර සංඛ්‍යාව 1500 කින් අඩුකළ හැකි බවයි. පළාත් පාලන බල ප්‍රදේශය ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයට ප්‍රසාද ආසන 02 ක් ලැබෙන පරිදි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද මහාචාර්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම මීළඟ කාරක සභා රැස්වීම ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදී පැවසුවාය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන මහත්වරුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම කාරක සභා රැස්වීමට සභභාගි වූහ.
කාරක සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරුද සහභාගි වූහ.
මැතිවරණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










