‘කෝප්’ කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් මේ සතිය තුළ රැස්වෙයි |
දිනය : | 2021-11-22 |
මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් සහ විශේෂ කාරක සභාවක් රැස්වීමට නියමිතව තිබේ.
මේ අනුව එළැඹෙන 24 වැනි දා ගල්ඔය වැවිලි (පෞද්ගලික) සමාගම කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිත අතර එළැඹෙන 26 වැනිදා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එම කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබේ.
එසේම හෙට (23) තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිත අතර, පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවද රැස්වීමට සැලසුම් කොට තිබේ.
එළඹෙන 24 වැනි දින නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ.
එළඹෙන 25 වැනි දින වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යශයීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිත අතර, එළඹෙන 26 වැනි දා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ රජයේ මුදල් කාරක සභාව යන කාරක සභා ද්විත්වය රැස්වීමට නියමිතව ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






