මහා භාණ්ඩාගාරය දැනුවත් නොකරමින් ව්‍යාපෘති හතරක් සඳහා ඍජු විදේශ මුල්‍යාධාර වියදම් කරලා - ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වෙයි |
දිනය : | 2021-11-20 |
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් ව්‍යාපෘති හතරක් සඳහා ඍජු විදේශ මුල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
මෙම අනාවරණය සිදුවූයේ 2017, 2018, 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය. මෙම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (19) රැස් විය.
මෙහිදී ඇමරිකානු ඩොලර් මිලියන 9.96 ක් වටිනා ව්‍යාපෘති තුනක් සහ යුරෝ මිලියන 1.86 ක් වටිනා ව්‍යාපෘතියක් මෙසේ සෘජු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන බව හඳුනාගෙන තිබුණි. නමුත් ඒ සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොතිබුණු අතර මේ නිසා ඉදිරියේදී මෙවැනි ආධාර ලැබීම සහ වියදම් කිරීම පිළිබඳව මහා භාණ්ඩාගාරය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
තවද රජයේ රෝහල් වල රසායනික අපද්‍රව්‍ය හා අන්තරායකාරී අපද්‍රව්‍ය පරිසරයට මුසුවීම තුළින් සිදුවන පරිසර දූෂණය පිළිබඳව අවධානය යොමු කිරීම අවම මට්ටමක පවතින බව මෙහිදී කෝපා කමිටුවේ අවධානය යොමු විය. මේ වනවිට ඒ සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩ පිළිවෙලක් ආරම්භ කොට ඇති බව පැමිණ සිටි නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.
මීට අමතරව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කළමනාකරණය ක්‍රමවත්ව සිදු විය යුතු ආකාරය පිළිබඳවද, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා රජය අත්කරගත් ඉඩම්වල වන්දි මුදල් ආශ්‍රිත පොලී ගෙවීම් ගැනද, සුරකිමු ගංගා ජාතික පාරිසරික වැඩ සටහනේ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම කාරක සභාව සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක අබේසිංහ, නිරෝෂන් පෙරේරා, ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මෙහොමඩ් මුසම්මිල්, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










