හානිකර පන්න ක්‍රම නැවැත්වීම සඳහා නව නීති ළඟදීම පාර්ලිමේන්තුවට |
දිනය : | 2021-11-17 |
මසුන් ඇල්ලීමේ හානිකර ක්‍රම වැළැක්වීම සඳහා නව නීති ළඟදීම පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී පැවති ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.
හානිකර මසුන් ඇල්ලීමේ ක්‍රම රටේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවත් නිසිලෙස මෙම තත්ත්වය කළමනාකරණය නොකළහොත් මත්‍ස්‍ය සම්පත ශීඝ්‍රයෙන් අඩුවන බවත් මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දුන්නේය. ඉතා කුඩා මසුන් පමණක් නොව මත්ස්‍ය බිත්තර පවා හසුවන ඇතැම් හානිදායක පන්න ක්‍රම ධීවර කර්මාන්තයට විශාල තර්ජනයක් බැවින් මෙම තත්ත්වය නතර කිරීමට ඉතා කඩිනමින් නව නීති හදුන්වා දෙමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පැවසීය.
ධීවර කටයුතුවල නිරත වන බෝට්ටු වර්ග හදුනාගැනීමේ පහසුව සදහා විවිධ වර්ණයන් ලබා දීම කෙරෙහි ද මේ වන විට අවධානය යොමු කොට ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තවද, මේ වන විට නැවතී ඇති පේදුරුතුඩුව ධීවර වරායේ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකුව (ADB) ආධාර ලබා දීම නතර කොට ඇති බැවින් වෙනත් පාර්ශවයන්ගෙන් හෝ සහය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ පේදුරුතුඩුව ඇතුළු ධීවර වරායන් 5ක් උතුරු පළාතේ ස්ථාපිත කරන බවත් පේදුරුතුඩුව වරාය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්ය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ධීවර ගම්මානවල මූලික පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ධීවර ගම්මානවල නව නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරන බවයි.
මේ අතර පවතින අයහපත් කාළගුණය නිසා ආපදාවට පත් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය යළි ගොඩනැගීම සදහා පහසුකම් සැලසීම කෙරෙහි ද රජයේ අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මායාදුන්න චින්තක අමල්, කරුණාදාස කොඩිතුවක්කු, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ආචාර්ය සුරේන් රාඝවන්, සුදත් මංජුල, අසංක නවරත්න, අජිත් රාජපක්ෂ යන මහත්වරු ද ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












