ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අලි වැට සඳහා විදුලිය සැපයීමට අඩු වියදම් දේශීය නිපැයුමක්

දිනය : 2021-10-25

අලි වැට සඳහා විදුලිය සැපයීමට මෙතෙක් භාවිත කළ වියදම් අධික එනජයිසර් උපකරණය ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගමක් විසින් රුපියල් 76300 කට නිපදවන බව වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.  

මෙම උපකරණය පිළිබඳව දැනුවත් කිරීම සිදු වුයේ වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (22) රැස් වූ අවස්ථාවේදී ය.

කාර්මික තාක්ෂණික ආයතනයේ උපදෙස් පරිදි නැනෝ විෂන් අනුරාධපුර පෞද්ගලික සමාගම වෙනුවෙන් මෙම නිෂ්පාදනය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ ජී.වී.කේ. සමරනායක මහතා පැවසුවේ මෙම උපකරණ 400ක් පමණ දැනටමත් අළෙවි කොට ඇති බවයි. එසේම කිලෝමීටර් දහයක පමණ දුරක්  මෙම උපකරණය මගින් ආවරණය කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා මෙම උපකරණය භාවිතයට ගැනීමට  සඳහා  මෙහි තාක්ෂණික නිවැරදිතාවය වැඩි දුරටත් පරීක්ෂාකර බැලීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය සී. බී. රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව තම්බපණ්ණි රජමහා විහාර භූමිය වෙන් කර ගැනීම සම්බන්ධයෙන්, අම්පාර, මුලතිව්, මන්නාරම, වවුනියාව, මඩකලපුව, ගාල්ල සහ මාතර  ප්‍රදේශවල පවතින වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයට අයත් ඉඩම් කිහිපයක ගැටලු  පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, ගරු අමාත්‍ය සරත් වීරසේකර මහතා, ගරු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉසුරු දොඩන්ගොඩ, චාල්ස් නිර්මලනාදන්, අකිල එල්ලාවල, චන්දිම වීරක්කොඩි, රෝහණ දිසානායක, අමරකීර්ති අතුකෝරල, එස්. එම්. එම්. මුෂාරෆ්, එස්. රාසමානික්කම්,  චින්තක අමල් මායාදුන්න, සිවඥානම් ශ්‍රීතරන් සහ  වීරසුමන වීරසිංහ යන මහත්වරු සහභාගි වූහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි