“සමාජ සේවා” විෂයට අදාළ පොදු විෂයන් හා කාර්‍යයන් සහිත ආයතන සියල්ල එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අවධාරණය කරයි |
දිනය : | 2021-10-22 |
සමාජ සේවා වැනි පොදු විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඊයේ (21) අවධාරණය කළේය.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්‍ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පැවැති මෙම රැස්වීම, කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ අමාත්‍යාංශවල විෂය පථය සැකසීමේදී ප්‍රමිතිකරණයක් පැවතීම අත්‍යාවශ්‍ය බවයි.
ආබාධිත දරුවන් වෙනුවෙන් සේවය කිරීමට දිස්ත්‍රීක් මට්ටමින් ආයතන පිහිටුවීමේ අවශ්‍යතාවද ඇය පෙන්වා දුන්නාය.
මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම,ඔවුන්ට පුහුණුව ලබාදීම හා සමාජගත කිරීමේ ක්‍රියාවලිය එක් ආයතනයකින් නියාමනය කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව පෙන්වා දුන්නේය.
දීර්ඝ කාලයක සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවද කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.
සමාජ සේවා දෙපාර්තමේන්තුව, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය වෙමින් ඒකාබද්ධව කටයුතු කිරීම වැදගත් බවද කාරක සභා සාමාජිකයෝ මෙහිදී පැවසූහ.
යාචකයින් වැඩිවීම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්, ඒම ගැටලුව විසඳීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් පැවතිය යුතු බවත් කාරක සභාවේ මතය විය. මෙය විසඳීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් පැවතීමේ අවශ්‍යතාවද එහිදී සාකච්ජා විය. මෙම විෂය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් පර්‍යේෂණ රැසක් සිදුව ඇති බවත්, එම පර්‍යේෂණ වල අනාවරණයන් සමාජසේවා දෙපාර්තමේන්තුවට ලබා ගැනීම ඉතා වැදගත් බවත් කාරක සභාවේ මතය විය.
සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 08 කට අයත් ඉඩම් හෙක්ටයාර 22 ක් එම දෙපාර්තමේන්තුව වෙත පවරා නොගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකව්ජා විය.
ප්‍රජාවේ සියළු ආබාධ සහිත පුද්ගලයින් නිවැරදිව හඳුනා ගැනීමට ජාතික දත්ත පද්ධතියක් මෙතෙක් නොමැතිවීම සම්බන්ධයෙන් කාරක සභාව සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු විමසීය. එවැන්නක් නොමැති වීම ජාතික ප්‍රතිපත්ති සම්පාදනයටද ප්‍රබල බාධාවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය.
රුපියල් මිලියන 121 ක් වැයකර මඩකලපුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබුණද එම ගොඩනැගිලි ප්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය. කඩිනමින් එම මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරන බව මෙහිදී අදහස් දැක් වූ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි මහතා පැවසීය.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා විධිමත් ක්‍රමවේදයක් යටතේ ස්වේච්ඡා නිලධාරින් බඳවා ගැනීමට ක්‍රියා කරන ලෙසද කාරක සභාව නිර්දේශ කළේය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ,සිවඥානම් ශ්‍රීතරන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, මහාචාර්‍ය රංජිත් බංඩාර, ආචාර්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන්ද සභභාගි වූහ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









