සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවනවර කියැවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි |
දිනය : | 2021-10-20 |
සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවනවර කියවීම) සහ නියමයක් හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එකඟ විය.
මේ අනුව තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ 2021.07.02 දින අංක 2234/67 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතය.
තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් කලින් ස්ථාපිත කර තිබූ අවු. 18 ට අඩු වයස් සීමාව අවු. 18-22 ලෙස සංශෝධනය කෙරේ. දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම් නියම කිරීමේ විධිවිධාන ස්ථාපිත කෙරේ.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, (ආචාර්ය) සුරේන් රාඝවන්, මධුර විතානගේ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









