ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ එකඟතාව

දිනය : 2021-10-05

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින්‌ පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන්‌ සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් එකඟතාව පළ කරන ලදී.

මෙම එකඟතාවය පළ වූයේ දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින්‌ පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන්‌ සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ගරු මහාමාර්ග අමාත්‍ය සහ  ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වන්නේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ය.

විශේෂයෙන් 1980  අංක 44 දරන  ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ නීතිය අනුව ඡන්ද හිමියන් ලියාපදිංචි කරනු ලබන්නේ එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තන්ය. නමුත් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදී ය. මේ නිසා වයස අවුරුදු 18 සම්පූර්ණ  වූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා මෙම සංශෝධනය සිදුකරයි.

මීට අදාල අති විශේෂ ගැසට් නිවේදනය 2021 මාර්තු මස 13 වන දින නිකුත්කොට තිබුණි. මේ අනුව 06 වෙනි දා මෙම (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම කාරක සභාවට ගරු අමාත්‍යවරුන් වන (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා, එම්.යූ.එම්. අලි සබ්රි මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගී වූහ.

 

1 2

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි