ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකන් ගුවන් සේවය එළඹෙන 07 වැනිදා නැවතත් ‘කෝප් කමිටුව’ හමුවට

දිනය : 2021-10-04

ශ්‍රී ලංකන් ගුවන් සේවය එළඹෙන ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.  

ඒ අනුව සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පසුගිය ජූලි 07 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී සිදු කරන ලද විමර්ශනයන්ට අදාළව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කෝප් කමිටුව වෙත එවා ඇති වාර්තාවට අදාළ කරුණු සාකච්ඡා කිරීමටද නියමිතය. ඒ සඳහා කමිටු සාමාජිකයන්ගේ විශේෂ රැස්වීමක් ලබන 05 වැනිදා පැවැත්වීමට නියමිත බවද සභාපතිවරයා පැවසීය.

එළඹෙන 6 වැනිදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතව තිබේ.

නියමිත සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව අවශ්‍ය නිලධාරීන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ද සම්බන්ධ කොට ගෙන එළඹෙන සතියේ කෝප් රැස්වීම් පැවැත්වීමට සැලසුම්කොට ඇති බවද සභාපතිවරයා තවදුරටත් පැවසීය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි