පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් ලබන සතියේ රැස්වේ |
දිනය : | 2021-10-03 |
එළඹෙන සතිය තුළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා දෙකක් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා දෙකක් රැස්වීමට නියමිතව තිබේ.
මේ අනුව එළැඹෙන 4 වැනිදා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවත්, එළැඹෙන 6 වැනිදා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවත් රැස්වීමට නියමිතය.
තවද දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එළැඹෙන 5 වැනිදා රැස්වීමට නියමිත අතර මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එළමෙන 7 සහ 8 යන දින දෙකේදීම රැස්වීම්ට නියමිතව ඇත.
මීට අමතරව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව එළඹෙන 5 වැනි දින රැස්වීමට නියමිතව තිබේ.
නියමිත සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව අවශ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කොට ගෙන එළඹෙන සතියේ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වීමට සැලසුම් කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






