විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 05 තෙක් වැඩි කිරීම ඇතුළු කරුණු සදහා ආගාමික විගාමික පනත සංශෝධනය කෙරේ |
දිනය : | 2021-09-22 |
විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 05 තෙක් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් අරමුණු කර ගනිමින් ඉදිරිපත් කළ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත සළකා බැලීම අද පැවති (22) ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සිදු විය. ඒ අනුව එය දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.
රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සභාපතීත්වය දරන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී (මේජර්) ප්‍රදීප් උදුගොඩ, චාල්ස් නිර්මලනාදන් සහ ටිරාන් අලස් යන මහත්වරු ඊට එක්ව සිටියහ. ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා ඇතුළු නිලධාරීහු වීඩියෝ තාක්ෂණයෙන් රැස්වීමට සම්බන්ධ වූහ.
පනත් කෙටුම්පත අනුව 1948 අංක 20 දරන ආගාමික විගාමික පනතේ 14 වන වගන්තිය සංශෝධනයට ලක්වන අතර දැනට වීසා ප්‍රදානය කළ හැකි කාල සීමාව අවු 02 සිට 05 දක්වා වැඩි කිරීම මෙමගින් සිදු වන බව ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා මෙහිදී පැවසීය. තවද අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව වීසා ප්‍රදානය කළ හැකි කාල සීමාව අවු. 05 සිට අවු.10 දක්වා තවදුරටත් වැඩිකෙරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම මෙම සංශෝධන මගින් ස්ථිර වාස වීසා තත්ත්වය (Permanent Resident Visa) හඳුන්වා දීමට නියමිත බවත් ඊට අදාළ රෙගුලාසි ඉදිරියේදී සම්පාදනය වීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය. දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබා දීම මගින් විදේශ ආයෝජකයන් ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට වඩා සුරක්ෂිත වාතාවරණයක් සැලසීම ඇතුළු සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවන බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









