ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘කෝප්’ කාරක සභාවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

දිනය : 2021-01-29

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය  චරිත හේරත් මහතා පවසයි.

එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම පෙබරවාරි 24 වැනිදා සිදුවේ.

ශ්‍රි ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ  ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා සැළකිල්ලට ගැනීමට නියමිත බව කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි