මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට පියවර |
දිනය : | 2019-12-03 |
මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද වෝහාරික විගණන වාර්තා මීළඟ “කෝප් කාරක සභාව” ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කාරක සභා ලේකම් කාර්යාලයේ තැබීමට එහි හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.
වෝහාරික ගිණුම් පිළිබඳ වාර්තා 05 ක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී තිබුණි. මෙම වාර්තා කෝප් කාරක සභාවේ සාමාජිකයන්ට පමණක් පරිහරණය කළ හැකි බවටත්, ඒවා නීතිමය කටයුතු සඳහා පමණක් භාවිත කළ යුතු බවටත්, නීතිපතිතුමා ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව ඒවා රහස්‍ය ලෙස තබා ගැනීමට කටයුතු කරන බවද හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඒ අනුව එම වෝහාරික ගිණුම් වාර්තා විවෘත නොකෙරුනු බවත්, ඒවා නැවත කෝප් කාරක සභාව ස්ථාපනය වූ පසු එහි සාමාජිකයන්ගේ අනුමැතිය මත ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස තමන් කාරක සභා ලේකම් කාර්යාලයට උපදෙස් දුන් බවත් ඒ මහතා කීවේය.
වසර 2002 සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළ මහ බැංකු ගනුදෙනු සිදුව ඇති ආකාරය පිළිබඳව, මෙම වෝහාරික විගණනයේ දී අවධානය යොමුව ඇත.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ජා කිරීම සදහා කෝප් කාරක සභාව අද කැඳවා තිබුණ ද, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග එය අවලංගු විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






