ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සිව්වැනි ප්‍රාදේශීය සමුළුව

දිනය : 2019-06-24

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සිව්වැනි ප්‍රාදේශීය සමුළුව, පාර්ලිමේන්තුවේ ගරු කතානායක සහ එම කාරක සභ‍ාවේ සභාපති වන ගරු කරු ජයසූරිය මැතිතුමාගේ මුලිකත්වයෙන්, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ,  සියලු ආගම් වලට අයත්  ගෞරවනීය පූජ්‍ය පක්ෂයේ සහ කාරක සභාව නියෝජනය කරනු ලබන අමාත්‍යවරයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ/කුරුණෑගල දිස්ත්‍රික්කය,  සහ  ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ගේ මෙන්ම එම ප්‍රදේශය නියෝජනය කරන සිවිල් සංවිධානවල සහභාගිත්වයෙන් 2019 ජුනි මස 17 වැනි සඳු දින පෙරවරු 9.30 සිට  පස්වරු 2.30 දක්වා කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේ දී සාර්ථකව පවත්වන ලදී.

 

“ජාතික හා ආගමික සහජීවනත්‍වය තුළින් තිරසාර ශ්‍රී ලංකා‍වක්’’ යන කාරක සභාවේ මුඛ්‍ය තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික  සහජීවනය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් වැදගත් වන බොහෝ මාතෘකා රැසක් පිළිබඳව එදින සමුළුවේදී විශේෂ කාරක සභා‍වේ අවධානයට යොමු කරන ලදී.

 

තවද කුරුණෑගල සමුළුවේ ප්‍රධාන මාතෘකාව වන “විවිධත්‍වය අපේ ශක්තියයි” යන මාතෘකාව පිළිබඳව බොහෝ කරුණු රැසක් එදින සාකච්ඡාවට බඳුන් විය.

 

ජාතික හා ආගමික සංහිඳියාවට අදාලව සිය අත්දැකීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වෙත මෙම සමුළුවේ දී අවස්ථාව ලබා ‍දෙන ලදී.

 

ගාල්ලේ දී පැවති කාරක සභාවේ තෙවැනි ප්‍රාදේශීය සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනාවක් පදනම් කර ගනිමින් පාසැල් කිහිපයක විදුහල්පතිවරුන්ට සහ ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් හට ‍මෙම සමුළුවට සහභාගී වීමට අවස්ථාව උදා කර දුන් අතර ජාතික හා ආගමික සංහිඳියාවට අදාලව සිය අත්දැකීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ඔවුනට ද අවස්ථාව ලබා දෙන ලදී.

 

මෙම කාරක සභාවේ පස්වැනි ප්‍රාදේශීය සමුළුව 2019 ජුලි මස 30 වැනි අඟහරුවාදා දින පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා වව්නියාව දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිතය.

 

1

 2 3

4

 

5

6

7

8

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි