ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තුන්වන ප්‍රාදේශීය සමුළුව |
දිනය : | 2019-03-09 |
ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තුන්වන ප්‍රාදේශීය සමුළුව පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ මුලිකත්වයෙන් සහ සියළු ආගම් වලට අයත් ගෞරවනීය පූජ්‍ය පක්ෂයේ සහ කාරක සභාව නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ/ගාල්ල දිස්ත්‍රික්කය, සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2019 මාර්තු මස 01 වන දින පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ගාල්ල ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
"ශ්‍රී ලංකාවේ තිරසාරත්වය උදෙසා ජනවාර්ගික හා ආගමික සමගිය" යන කාරක සභාවේ මුඛ්‍ය තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් වැදගත් වන බොහෝ මාතෘකා රැසක් පිළිබඳව එදින සමුළුවේදී කාරක සභාවේ අවධානයට යොමු කරන ලදී.
තවද ගාල්ල සමුළුවේ ප්‍රධාන මාතෘකාව වන “එකමුතුකමින් ආර්ථික සමෘද්ධිය කරා” යන මාතෘකාව පිළිබඳව බොහෝ කරුණු රැසක් එදින සාකච්ඡාවට බඳුන් වූ අතර ජාතික හා ආගමික සංහිඳියාවට අදාලව සිය අත්දැකීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් වෙත මෙම සමුළුවේ දී අවස්ථාව ලබා දෙන ලදී.
මෙම කාරක සභාවේ සිව්වැනි ප්‍රාදේශීය සමුළුව 2019 ජුනි මස 10 වැනි සඳු දින පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා වව්නියාව දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිතය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














