ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දෙවැනි ප්‍රාදේශීය සමුළුව |
දිනය : | 2018-10-09 |
ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දෙවැනි ප්‍රාදේශීය සමුළුව ගරු කථානයකතුමාගේ නායකත්වයෙන්, අති පූජනීය මහා නායක හිමිවරුන්, අනුනායක හිමිවරුන්, සියලුම ආගම් වලට අයත් අති ගෞරවනීය පූජ්‍ය පක්ෂය, සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන ගරු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ආදි වාසී ජනතාවගේ නායකයින්ගේ සහභාගීත්වයෙන් 2018 ඔක්තෝබර් මස 01 වැනි දින පෙරවරු 9.30 සිට පස්වරු 2.00 දක්වා අම්පාර මොන්ටි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
“ජාතික හා ආගමික සහජීවනය තුලින් ශ්‍රී ලංකාවේ තිරසාරභාවය වෙත” යන තේමාව යටතේ පැවත්වූ මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය ආශ්රිත ඉතා වැදගත් මාතෘකා රැසක් සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුව, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් වශයෙන් ස්ථාපනය කිරීමෙන් අනතුරුව පවත්වන ලද ප්‍රථම ප්‍රාදේශීය සමුළුව වූයේ මෙයයි.
තෙවන ප්‍රාදේශීය සමුළුව 2019 ජනවාරි මස 21 වෙනි දින පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ගාල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












