2023 මැයි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-05-23 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : පාර්ලිමේන්තුවේ මහ ලේකම් විශ්‍රාම යෑම
C : පාර්ලිමේන්තුවේ නව මහ ලේකම් පත්කිරීම
D : “ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
E : “කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
F : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iii) 2016 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(v) 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික වාර්තා
(vi) ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පණ පනතේ 2 වගන්තිය යටතේ නාමෝද්දිෂ්ට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 පෙබරවාරි 14 දිනැති අංක 2319/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 මැයි 17 දිනැති අංක 2332/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(viii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ලංකා නිපෝන් බිස්ටෙක් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජුනි 27 දිනැති අංක 2286/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1)(ආ) වගන්තිය සමඟ කියවිය යුතු 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ට්) ලිමිටඩ් (SLIIT) විසින් ප්‍රදානය කරන ජාල ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාපති සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 29 දිනැති අංක 2312/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ 2022 ජුනි 27 දිනැති අංක 2286/08 දරන අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජනවාරි 05 දිනැති අංක 2313/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නාගානන්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ෆො බුඩිස්ට් ස්ටඩීස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යවහාරික පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජනවාරි 25 දිනැති අංක 2316/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ඉන්ටර්නැෂනල් කොලෙජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව සහ මෘදුකාංග ඉංජිනේරුකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 පෙබරවාරි 02 දිනැති අංක 2317/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1)(ආ) වගන්තිය සමඟ කියවිය යුතු 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය (ICASL) විසින් ප්‍රදානය කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණපති උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 මාර්තු 02 දිනැති අංක 2321/64 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xv) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvi) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvii) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xviii) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xix) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xx) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/55 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxi) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxii) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/57 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxiii) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 44 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 13 දිනැති අංක 2262/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxiv) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 126 සහ 127 වගන්ති සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 අගෝස්තු 09 දිනැති අංක 2292/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxv) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු 321 වගන්තිය යටතේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 සැප්තැම්බර් 22 දිනැති අංක 2298/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxvi) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 126 සහ 321 වගන්ති යටතේ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 26 දිනැති අංක 2303/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxvii) 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනතේ 3(5) වගන්තිය සමඟ කියවිය යුතු 10 වගන්තිය යටතේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජූලි 07 දිනැති අංක 2287/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxviii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නලින් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සාමාජික, ගරු නීතීඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු විදුර වික්‍රමනායක මහතා
(ii) ගරු ශාන්ත බණ්ඩාර මහතා
(iii) ගරු වාසුදේව නානායක්කාර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා වන්දි ලබාදීම
ගරු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතාවය සම්බන්ධයෙන් 2023.05.09 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍ය, ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) බැංකු (විශේෂ විධිවිධාන) - මහ බැංකුවේ නිරාකරණය කිරීමේ අධිකාරී බලය, ප්‍රාග්ධනයට, ද්‍රවශීලතාවට, බුන්වත්භාවයට හෝ වෙනත් යම් කාලීන අවදානමකට යටත් බලපත්‍රලාභී බැංකුවක් නිරාකරණය කිරීම සඳහා මහ බැංකුව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි නිරාකරණ ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සහතික කරමින් එවැනි බැංකුවක තැන්පත්කරුවන්ගේ සහ ණයහිමියන්ගේ යහපත සහතික කිරීම සඳහා එකී බැංකුව අඛණ්ඩ ව්‍යාපාරයක් වශයෙන් යළි පණගැන්වීම පිණිස ද; එවැනි බලපත්‍රලාභී බැංකු සඳහා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් සහ ගණන් බේරා වසා දැමීමේ ක්‍රියාවලියක් සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
(ii) පාර්ලිමේන්තු අයවැය කාර්යාලය - පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ද; පාර්ලිමේන්තු අයවැය නිලධරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය නිශ්චිතව දැක්වීම සඳහා ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිස ද වූ
(iii) ගුවන් ප්‍රවාහන (සංශෝධන) - 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම සඳහා වූ
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(iv) දුම්කොළ බදු (සංශෝධන) පනත යටතේ නියෝග
(v) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(vi) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නියමය
(vii) මුදල් පනත යටතේ නියෝගය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1657 ට 2023 මැයි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






