2023 මැයි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-05-09 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
C : “ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
D : ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම
E : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
F : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXIII කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව
(v) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 31 දිනැති අංක 2312/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vi) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 දෙසැම්බර් 31 දිනැති අංක 2312/68 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වගන්තිය යටතේ මත්පැන් සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 31 දිනැති අංක 2312/70 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 07/2022 දරන සුරාබදු නිවේදනය)
(viii) 2004 අංක 9 දරන දුම්කොළ බදු (සංශෝධන) පනතින් සංශෝධිත 1999 අංක 8 දරන දුම්කොළ බදු පනතේ 2 වගන්තිය සමඟ කියවිය යුතු 21 වගන්තිය යටතේ බීඩි සඳහා දුම්කොළ බද්දක් පැනවීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 31 දිනැති අංක 2312/71 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ix) 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 5 වගන්තිය යටතේ මුද්දර ගාස්තු බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 දෙසැම්බර් 31 දිනැති අංක 2312/73 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 155(1) වගන්තිය යටතේ කොළඹ කොටස් වෙළඳපොලෙහි “Over the Counter Platform” හි සිදු කරනු ලබන ආයතනික ණය සුරැකුම්පත්වල සෑම ප්‍රතිමිලදී ගැනීමේ ගණුදෙනුවක් සඳහාම අය කළ යුතු සෙස් බදු අනුපාතය සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 26 දිනැති අංක 2316/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) 2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ අපගමන බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 09 දිනැති අංක 2309/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xii) 2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ අපගමන බද්දක් පැනවීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 11 දිනැති අංක 2314/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii) 2004 අංක 11 දරන මුදල් පනතේ 26 වගන්තිය සමඟ කියවිය යුතු 22 වගන්තිය යටතේ ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 01 දිනැති අංක 2312/80 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xiv) 2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමඟ කියවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 31 දිනැති අංක 2312/69 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xv) 2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමඟ කියවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 පෙබරවාරි 10 දිනැති අංක 2318/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvi) 2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.03.01 සිට 2023.03.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xvii) ජේ.ඩබ්ලිව්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමෙන් යෝජිත ඉවත් කිරීම සඳහා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාගේ වාර්තාව සහ ඊට සම්බන්ධ ඇමුණුම I සහ II
(xviii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ මානව ජීව විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 මාර්තු 02 දිනැති අංක 2321/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xix) (351 අධිකාරය වූ) ආගාමික හා විගාමික පනතේ 23 වගන්තිය සමඟ කියවිය යුතු 52 වගන්තිය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සාමාජික, ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සාමාජික, ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජේ. සී. අලවතුවල මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු කිංස් නෙල්සන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතාවය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අයිතම අංක (i) සිට (v) දක්වා) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(ii) වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්
(iv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
(v) සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පළාත් පාලන ආයතනවල කාර්යයන් නිසි පරිදි සිදුවේද යන්න සොයාබැලීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2023 මැයි මස 10 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






