2023 අප්‍රේල් මස 27 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-04-27 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පිළිබඳ වැඩමුළුව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ දාහත්වන වාර්ෂික වාර්තාව
(iii) 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව
(vii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(viii) 2015, 2016, 2017, 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගමේ වාර්ෂික වාර්තා
(ix) 2021 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව
(x) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ වාර්ෂික වාර්තාව
(xi) 2020 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xii) 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 43 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 22 දිනැති අංක 2311/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
(ii) ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
(i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුරින්චාකර්නි පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් 2023.04.26 දින ගරු ඉම්රාන් මහරූෆ් මහතා විසින් සභාව කල් තබන අවස්ථාවේ අසන ලද ප්‍රශ්නයට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(ii) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආදිය සම්බන්ධයෙන් 2023.04.26 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
දූෂණයට එරෙහි සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන්, ප්‍රමිති සහ ප්‍රශස්ත පරිචයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ නිශ්චිත විධිවිධාන බලාත්මක කිරීම සඳහා ද; වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාළ අල්ලස්, දූෂණ සහ වැරදි පිළිබඳ චෝදනා සහ ආශ්‍රිත වැරදි අනාවරණය සහ විමර්ශනය කිරීමට, සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාළ අල්ලස්, දූෂණ වැරදි සහ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට විධාන කිරීමට සහ නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; දූෂණ ක්‍රියා වැළැක්වීම ප්‍රවර්ධනය ඉහළ නැංවීම සඳහා ද; දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම සහ මහජනතාව අතර දැනුවත් බව ඉහළ නැංවීම සඳහා ද; (26 වන අධිකාරය වූ) අල්ලස් පනත, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 1 දරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත පරිච්ඡින්න කිරීමට සහ ඒ හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“දූෂණ විරෝධී”
නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 ජනවාරි 17 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ආචාර්ය පූජ්‍ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මාහිමි පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ශ්‍රී ලංකාව තුළ මනෝ සමාජීය ආරක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1843 ට 2023 අප්‍රේල් මස 28 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






