ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 අප්‍රේල් මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-04-25

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
C : ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
D : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
E : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
F : ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
G : ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
H : ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
I : ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
J : සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
K : ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
L : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
M : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
N : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVI කොටස;
  • 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XII කොටස;
  • 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXX කොටස;
  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XVII කොටස;
  • 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXX කොටස;
  • 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVI කොටස සහ තෙවැනි කාණ්ඩයේ XIX කොටස;
  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLV, XLVI, XLVII හා XLVIII කොටස්,  තෙවැනි කාණ්ඩයේ XVIII, XIX හා XX කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXVI, XXXVII  හා XXXVIII කොටස්;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIII, XLIV, XLV, XLVI හා XLVII කොටස්, තෙවැනි කාණ්ඩයේ XX, XXI හා XXII කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXIV, XXXV  හා XXXVI කොටස්; සහ
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIX, XXX, XXXI, XXXII, XXXIII හා XXXIV කොටස්,  තෙවැනි කාණ්ඩයේ XV හා XVI කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXII, XXIII, XXIV  හා XXV කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(ii)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iii)    2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(v)    2021 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)    2015, 2016 සහ 2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තා
(vii)    2016, 2017, 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තා
(viii)    2020 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(x)    2021 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xi)    2020 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(xii)    2021 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xiii)    2021 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xiv)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්ෂික වාර්තාව

(xv)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 මාර්තු 24 දිනැති අංක‍ 2324/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xvi)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බද්ද සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 මාර්තු 28 දිනැති අංක‍ 2325/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii)    2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 අප්‍රේල් 03 දිනැති අංක 2326/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xviii)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 ‍අප්‍රේල් 17 දිනැති අංක 2328/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මෘදුකාංග ඉංජිනේරු, දත්ත විද්‍යා සහ ආගනණය සහ තොරතුරු පද්ධති අධ්‍යයන අංශ පිහිටුවීම සහ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ස්වභාවික සම්පත්, භෞතික විද්‍යා සහ තාක්ෂණ, ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය සහ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශ පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 27 දිනැති අංක 2312/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xx)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(xxi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    වෙළෙඳ, වාණිජ හා අ‍ාහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නලින් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු බුද්ධික පතිරණ මහතා                    
(ii)    ගරු නීතිඥ මධුර විතානගේ මහතා            
      
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර වෙනුවෙන් වන්දි ලබාගැනීම

ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් දැක්වීම සහ ඒ අයිතිවාසිකම් සහ හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමට සහ ඔවුන් ආරක්ෂා කිරීමට අදාළ සුදුසු ජාත්‍යන්තර ප්‍රතිමාන, ප්‍රමිති සහ යහපත් පරිචයන් බලාත්මක කිරීම පිණිස ද; අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික අධිකාරිය පිහිටුවීම, අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය පිහිටුවීම සහ අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂණ අරමුදල පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; අපරාධයක වින්දිතයන්ට වන්දි ගෙවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කිරීම පිණිස ද; සහ ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ”

නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ‍ඉදිරිපත් කරන ලදී.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“පළාත් සභා මැතිවරණ (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. ඒ. සුමන්තිරන් මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“අත්‍යාවශ්‍ය භාණ්ඩ, හෝටල් සහ බේකරි නිෂ්පාදන ආයතන සඳහා පිළිගත් සම්මතයන් සහ ක්‍රමවේද හඳුන්වා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1812 ට 2023 අප්‍රේල් මස 26 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි