2023 අප්‍රේල් මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-04-04 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “ශ්‍රී ලංකා මහ බැංකුව” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : 2022.07.20 දින පවත්වනු ලැබූ රහස් ඡන්දය විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කිරීම
C : “ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
D : “ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
E : තේරීම් කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXIX කොටස සහ පස්වැනි කාණ්ඩයේ IX කොටස.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2021 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vii) 2021 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(viii) 2021 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(x) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xi) 2021 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(xii) 2021 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii) 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xiv) 2021 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xv) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xvi) 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xvii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xviii) 2021 වර්ෂය සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව
(xix) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xx) 2021 වර්ෂය සඳහා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xxi) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xxii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xxiii) 2020 සහ 2021 වර්ෂ සඳහා ලංකා පිඟන් සංස්ථාවේ වාර්ෂික වාර්තා
(xxiv) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බද්ද සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 01 දිනැති අංක 2312/76 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xxv) 2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.02.01 සිට 2023.02.28 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xxvi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැවිලි අමාත්‍යාංශය සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(xxvii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxviii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ බලශක්ති අංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ජානක වක්කුඹුර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සාමාජික, ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු විදුර වික්‍රමනායක මහතා
(ii) ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා
(iii) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් හයයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
සෙවනගල සහ පැලවත්ත සීනි කර්මාන්තශාලා පෞද්ගලීකරණය කිරීම
ගරු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම් විකුණා දැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් 2022.03.22 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිතුරු සපයන ලදී.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීම
(ii) ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය
සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට අයහපත් ලෙස ප්‍රතිචාර දැක්වීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2022 දෙසැම්බර් 13 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තව දුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2023 ජුනි 21 දින දක්වා දීර්ඝ කළ යුතුය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු වරුණ ලියනගේ මහතා
(ii) ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1649 ට 2023 අප්‍රේල් මස 25 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






