2023 මාර්තු මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-03-23 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : “ඉන්දිරා පිළිකා සරණ භාරය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සාමාජික, ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු කුමාරසිරි රත්නායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
දුම්කොළ සහ මත්පැන් මත පනවා ඇති බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 21 දරන බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා වූ
“බෙදුම් නඩු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා පුහුණු කිරීමේ හා සංවර්ධන ආයතනය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය්‍රට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 6 සහ 7 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී :-
(i) ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නියෝග
(ii) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග
(iii) ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව (2020)
(iv) කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව (2017/2018)
(v) කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව (2018/2019)
(vi) ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(vii) ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
කල් තැබීමේ යෝජනාව
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම පිළිබඳව 2023.03.22 දින ගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2023 මාර්තු මස 24 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






