ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 මාර්තු මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-03-22

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
B : පාර්ලිමේන්තුවේ සංශෝධිත ස්ථාවර නියෝග

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව
(ii)    2020/2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්

(iv)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 පෙබරවාරි 22 දිනැති අංක‍ 2320/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(v)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 පෙබරවාරි 22 දිනැති අංක‍ 2320/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අජිත් මාන්නප්පෙරුම මහතා      -   පෙත්සම් දෙකයි
(ii)    ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා   
                          
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ගරු ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම පිළිබඳව ගරු ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම් විකුණා දැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
රටේ පවතින ආහාර අර්බුදය

කෘෂිකර්ම අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයන් දෙකක්
(ii)    විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් හයක්
(iii)    රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය

 

කල් තැබීමේ යෝජනාව

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම පිළිබඳව 2023.03.22 දින ගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2023 මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි