ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 මාර්තු මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-03-08

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ii)    2021 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන
(iii)    2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා සී/ස නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තා
(iv)    2020 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව

(v)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 නොවැම්බර් 14 දිනැති අංක‍ 2306/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(vi)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
    (2023 ජනවාරි 01 දිනැති අංක 2312/75 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල පොළොන්නරුව, මඩකලපුව, පුත්තලම, මන්නාරම, මහනුවර, බදුල්ල, ගාල්ල, කොළඹ, ම‍ාතර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණීය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 නොවැම්බර් 30 දිනැති අංක 2308/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(x)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණීය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 04 දිනැති අංක 2313/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ  සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පිළිගන්වන ලදී.

(ii)    නවවැනි පාර්ලිමේන්තුවේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳ වාර්තාව, එම අනු කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සාරතී දුෂ්මන්ත මහතා                    
(ii)    ගරු මායාදුන්න චින්තක අමල් මහතා  -      පෙත්සම් දෙකයි     
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
විදුලි බිල වැඩිවීම සම්බන්ධ ගැටලු

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
නීති අධ්‍යාපනයේ භාෂා ගැටලුව

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 මාර්තු 07 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 34 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 34 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(ii)    සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(iii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හයක්
(iv)    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(v)    කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2020)
(vi)    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2019)
(vii)    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2018)
(viii)    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2018)
(ix)    ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව  (2018)
(x)    උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2021)
(xi)    සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව (2013)
(xii)    සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව (2014)
(xiii)    තල් සංවර්ධන මණ්ඩල‍යේ වාර්ෂික වාර්තාව (2013)
(xiv)    තල් සංවර්ධන මණ්ඩල‍යේ වාර්ෂික වාර්තාව (2014)
(xv)    තල් සංවර්ධන මණ්ඩල‍යේ වාර්ෂික වාර්තාව (2015)
(xvi)    තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2015)
(xvii)    තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2019)
(xviii)    තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2020)
(xix)    ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2017)
(xx)    ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(xxi)    ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2017)
(xxii)    පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(xxiii)    සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව (2019)
(xxiv)    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019)
(xxv)    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020)
(xxvi)    ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව (2020)
(xxvii)    ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව (2017)  
(xxviii)    ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව (2019)
(xxix)    ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා
(ii)    ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2023 මාර්තු මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි