ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 මාර්තු මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-03-07

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජි‍නේරු සහ තාක්ෂණ ආයතනය  (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
B : “රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
C : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම
D : රජයේ ගිණුම්  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
E : ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2016 සහ 2017 වර්ෂ සඳහා බුද්ධශාසන අරමුදලේ වාර්ෂික වාර්තා

(iii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) සහ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ 8(2) වගන්තිය සමඟ කියවිය යුතු 24 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2022 නොවැම්බර් 29 දිනැති අංක‍ 2308/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) සහ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 7(3), 8, 10, 11 සහ 12 වගන්ති සමඟ කියවිය යුතු 27 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 15 දිනැති අංක‍ 2310/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව්, වවුනියාව, නුවරඑළිය, අනුරාධපුර, කළුතර, කිලිනොච්චි, රත්නපුර, අම්පාර, හම්බන්තොට, මොනරාගල, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරු-ශීර්ෂ අංක 04 සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 ‍පෙබරවාරි 27 දිනැති අංක 2321/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(viii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ කාට්සු-හයිලි ඇඩ්වාන්ස්ඩ් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර විශ්ලේෂණය පිළිබඳ කළමනාකරණ ගෞරව උපාධිය, එස්.එල්.ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව සහ යාන්ත්‍ර විද්‍යුත් පිළිබඳ ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධි, නාගානන්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ෆො බුඩිස්ට් ස්ටඩීස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව සහ ව්‍යවහාරික සන්නිවේදනය සහ මාධ්‍ය තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 01 දිනැති අංක 2308/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් ආයතනය (SLIIT) විසින් ප්‍රදානය කරන තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යා‍වේදී ගෞරව උපාධිය  සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 13 දිනැති අංක 2310/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 6(3)(අ) සහ 31 වගන්ති සමඟ කියවිය යුතු 117(2)(ඩ) වගන්තිය යටතේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 26 දිනැති අංක‍ 2303/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi)    2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 117(2) සහ 117(3) වගන්ති යටතේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 නොවැම්බර් 02 දිනැති අංක‍ 2304/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xii)    2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ 48 වගන්තිය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජනවාරි 05 දිනැති අංක‍ 2313/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ)(සංශෝධන)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,             ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සාමාජික, ගරු වජිර අ‍බේවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය     -  පෙත්සම් තුනයි
(ii)    ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා        
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ගරු ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සිදුකරන සාකච්ඡා සහ රටේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව ගරු ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත ඉවත් කිරීම පිණිස ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“ශ්‍රී ලංකා මහ බැංකු”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 පෙබරවාරි 23 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝ‍ටර් වාහන පනත ය‍‍ටතේ නියෝග තුනක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2023 මාර්තු මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි