2023 පෙබරවාරි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-02-23 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
B : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම
C : තේරීම් කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(469 අධිකාරය වූ) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2ඇ, 5 සහ 5අ වගන්ති සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 අගෝස්තු 08 දිනැති අංක 2292/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(ii) ගරු ගයන්ත කරුණාතිලක මහතා
(iii) ගරු අසංක නවරත්න මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක 2 සහ 3 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී :-
(i) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(ii) ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“විදෙස් දූත පිරිස් රහසිගතව ශ්‍රී ලංකාවට පැමිණීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වාසුදේව නානායක්කාර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1659 ට 2023 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






