ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 පෙබරවාරි මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-02-09

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු මුජිබුර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු අබ්දුල් හමීඩ් මොහමඩ් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : “නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය    
C : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා‍වේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(iii)    2021 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vi)    2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තා
(vii)    2019, 2020 සහ 2021 වර්ෂ සඳහා හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තා
(viii)    2020 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ix)    2021 වර්ෂය සඳහා සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(x)    2020/2021 වර්ෂය සඳහා සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xi)    2020 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව
(xii)         2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා‍ පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය
(xiii)         2021 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව
(xiv)         2021 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xv)    2019 සහ 2020 වර්ෂ සඳහා හෝමි‍යෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තා
(xvi)         2020 වර්ෂය සඳහා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xvii)         2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xviii)    2019 වර්ෂය සඳහා කෘෂිකාර්මික ‍හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xix)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xx)    2021 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxi)    2019 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xxii)         2020 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xxiii)    2020 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය
(xxiv)    2021 වර්ෂය සඳහා සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxv)    2020 වර්ෂය සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව

(xxvi)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 01 දිනැති අංක‍ 2312/77 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xxvii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 01 දිනැති අංක‍ 2312/78 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xxviii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxix)    ඉදිරි දශකය සඳහා ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම පිළිබඳ දෙසැම්බර් 2022 නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව
(xxx)    2021 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2022.12.01 සිට 2022.12.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xxxi)    2015 අගෝස්තු මස 17 වැනි දින පවත්වන ලද ශ්‍රී ලංකාවේ පහළොස්වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය පිළිබඳ මැතිවරණ ‍කොමසාරිස්වරයාගේ වාර්තාව
(xxxii)    ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා 2019.11.16 වන දින පවත්වන ලද ඡන්ද විමසීම පිළිබඳ වාර්තාව
(xxxiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxxiv)    (203 අ‍ධිකාරය වූ) මෝටර් වාහන පනතේ 44, 123, 124, 125, 126, 126ආ, 128, 132, 132අ සහ 231 වගන්ති සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 10 දිනැති අංක‍ 2301/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නවවැනි පාර්ලිමේන්තුවේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ, ජාතික සභාවේ අනු කාරක සභාව විසින් ජාතික සභාවට ඉදිරිපත් කරන ලද එහි දෙවැනි වාර්තාව, එම අනු කාරක සභාවේ සභාපති, ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් පිළිගන්වන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු නිමල් පියතිස්ස මහතා
නුවරඑළිය ‘සෙන්පති මැදුරේ’ දී සිදුවූවා යැයි පවසන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා‍දීප පුවත්පතේ පළ වූ වාර්තාව

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

(i)    තේරීම් කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතීත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය

(ii)    තේරීම් කාරක සභාව

අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, මතු සඳහන් සාමාජික මන්ත්‍රීවරයන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ  තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු ය:—

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු ප්‍රසන්න රණතුංග මහතා
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා             
ගරු ඩග්ලස් දේවානන්දා මහතා
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා              
ගරු ගාමිණී ලොකුගේ මහතා  
ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

තේරීම් කාරක සභාවේ රැස්වීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 52 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග
(ii)    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව (2017)
(iii)    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව (2018)
(iv)    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(v)    ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව (2017)
(vi)    මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව (2018)
(vii)    මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව (2019)
(viii)    රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව  (2017)
(ix)    රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව  (2018)
(x)    රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව  (2019)
(xi)    දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව (2018)
(xii)    දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2014)
(xiii)    දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තා සහ ගිණුම් (2015 සහ 2016)
(xiv)    දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2017)
(xv)    දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2019)
(xvi)    පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව (2016)
(xvii)    පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව (2018)
(xviii)    කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(xix)    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(xx)    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව (2019)
(xxi)    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2019)
(xxii)    කොළඹ විශ්වවිද්‍යාලයේ, ජාතික පුස්තකාල හා විඥාපන  විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2020) "
(xxiii)    මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම් (2020)
(xxiv)    මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය (2020)
(xxv)    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019)
(xxvi)    සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ  වාර්ෂික වාර්තාව (2017/2018)
(xxvii)    ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2013)
(xxviii)    ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2014)
(xxix)    ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2015)
(xxx)    ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2016)
(xxxi)    සීමාසහිත සීනෝර් පදනමේ වාර්ෂික වාර්තාව (2016)
(xxxii)    ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2019)
(xxxiii)    ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2020)
(xxxiv)    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018)
(xxxv)    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය (2019)
(xxxvi)    ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව  (2017)
(xxxvii)    අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020)
(xxxviii)    ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව (2019)
(xxxix)    ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව (2018)
(xl)    ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන (2017)
(xli)    ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන (2018)
(xlii)    ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන (2019)
(xliii)    මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2012)
(xliv)    මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2013)
(xlv)    මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2014)
(xlvi)    මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව (2015)
(xlvii)    සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(xlviii)    සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව (2018)
(xlix)    ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ වාර්ෂික වාර්තාව (2018)
(l)    ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ වාර්ෂික වාර්තාව (2015)
(li)    ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ වාර්ෂික වාර්තාව (2013)
(lii)    ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව (2019)

 

කල් තැබීමේ යෝජනාව

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2023 පෙබරවාරි 08 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සංජීව එදිරිමාන්න මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1634 ට 2023 පෙබරවාරි මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි