නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ |
දිනය : | 2023-02-08 |
- ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලිවලින් තොර චාම් උත්සවයක්
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද (2023.02.08) විවෘත කෙරිණි.
සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙ.ව. 10.00 ට පමණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුවිය.
නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා තිබිණි.
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා සහ එම මැතිණියගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පැමිණීම සිදු වූ අතර, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එම ආර්යාවගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ ඉන් අනතුරුවයි.
එහිදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගනු ලැබූහ.
ඉන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලැබිණි.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද එක් කිරීම සිදුවිය.
අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙ.ව. 9.55 පමණ වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහලේකම්වරු සහ සහකාර වේත්‍රධාරී යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදුවිය.
සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. අනතුරුව, 2023.02.09 වැනිදා පෙ.ව. 9.30 දක්වා සභාව කල් තැබීම සිදුවිය.
ඉන්පසු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි.
[ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය]
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම
















