ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ජනවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-01-20

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
B : ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම   
C : පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2020 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(iv)    සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 25 වගන්තිය සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ මෘදු  මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජූලි 28 දිනැති අංක 2290/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
    (අංක 05/2022 දරන සුරාබදු නිවේදනය)
(v)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික ඉංජිනේරු සහ පාරිසරික තාක්ෂණවේද අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 සැප්තැම්බර් 30 දිනැති අංක 2299/66 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ සහ පවුල් වෛද්‍ය අධ්‍යයනාංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 සැප්තැම්බර් 30 දිනැති අංක 2299/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා රුහුණු  විශ්වවිද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යා සහ කෘෂි ව්‍යාපාර අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන    අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 11 දිනැති අංක 2301/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා නැගෙනහිර  විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 27 දිනැති අංක 2303/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු තාරක බාලසූරිය මහතා      
            
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු උපාලි දසනායක මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු (වෛද්‍ය) නෙවිල් ප්‍රනාන්දු මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු ගුණරත්න වීරකෝන් මහතා
(iv)    අභාවප්‍රාප්ත ගරු රාජා කොල්ලුරේ මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1233 ට 2023 පෙබරවාරි මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි