ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 ජනවාරි මස 18 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-01-18

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B : ගරු කථානායකතුමා සමඟ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති පළාත් සභා පිළිබඳ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාරව, විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ එකලොස් වන කාණ්ඩයේ 05 කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා.
(ii)    2020 වර්ෂය සඳහා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iii)    2017/2018 සහ 2018/2019 වර්ෂ සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තා
(iv)    2021 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ වාර්ෂික වාර්තාව

(v)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 ජනවාරි 17 දිනැති අංක 2315/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග    119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු වජිර අබේවර්ධන මහතා   
                
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
නිදහස් දින උත්සවය පැවැත්වීම පිළිබඳව

ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා සහ ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 24 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය
(ii)    පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත - සංශෝධන සහිතව - දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 23; විරුද්ධව 06)
(iii)    ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(iv)    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව (2018)
(v)    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019)
(vi)    ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018)
(vii)    හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව (2017)
(viii)    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019)
(ix)    ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018)
(x)    ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2020)
(xi)    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2016)
(xii)    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(xiii)    රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2019)
(xiv)    රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2020)
(xv)    ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2014)
(xvi)    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2016)
(xvii)    උද්භිද උද්‍යාන භාර අරමුදලේ වාර්ෂික වාර්තාව (2017)
(xviii)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව (2017)
(xix)    ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019)
(xx)    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2019)
(xxi)    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019)
(xxii)    ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව (2020)
(xxiii)    ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ  ආයතනයේ වාර්ෂික වාර්තාව (2020)
(xxiv)    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව (2020)

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා විසින් ප්‍රශ්නයක් අසන ලදී

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1708 ට 2023 ජනවාරි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි