2023 ජනවාරි මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2023-01-05 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
C : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව
(ii) 2015, 2018 සහ 2019 වර්ෂ සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ වාර්ෂික වාර්තා
(iii) 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(iv) 2020 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(viii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ix) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(x) 2017 සහ 2018 වර්ෂ සඳහා හොටෙල් ඩිවේලොපර්ස් (ලංකා) පීඑල්සී ආයතනයේ වාර්ෂික වාර්තා
(xi) 2018 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xii) 2019/2020 වර්ෂය සඳහා සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xiii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xiv) 2019 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව
(xv) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xvi) 2021 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xvii) 2020 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xviii) 2019/2020 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව
(xix) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව
(xx) 2020 වර්ෂය සඳහා ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xxi) 2021 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xxii) 2021 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xxiii) 2021 වර්ෂය සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxiv) 2020 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xxv) 2017 සහ 2020 වර්ෂ සඳහා ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා
(xxvi) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 නොවැම්බර් 23 දිනැති අංක 2307/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xxvii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 දෙසැම්බර් 01 දිනැති අංක 2308/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xxviii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2022 දෙසැම්බර් 02 දිනැති අංක 2308/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxix) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxx) 2021 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2022.11.01 සිට 2022.11.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xxxi) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2023 ජනවාරි 03 දිනැති අංක 2313/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xxxii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxxiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ විද්‍යාත්මක පරිගණක, තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යා සහ තොරතුරු විද්‍යා හා දැනුම් ඉංජිනේරු විද්‍යා සහ සන්නිවේදන අධ්‍යයන අංශ පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජුනි 22 දිනැති අංක 2285/09 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxiv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ පහසුකම් කළමනාකරණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජූලි 28 දිනැති අංක 2290/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ සීගීස් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 පෙබරවාරි 25 දිනැති අංක 2268/88 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxvi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ ඉන්ස්ටිටියුට් ඔෆ් කෙමිස්ට්‍රි විසින් ප්‍රදානය කරන රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය, ඊසොෆ්ට් මෙට්‍රො කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණ උපාධිය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධි, සහ සීගීස් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සහ එම ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සඳහා වන කෙටි යෙදුමක සංශෝධනයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 අගෝස්තු 17 දිනැති අංක 2293/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xxxvii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 අගෝස්තු 25 දිනැති අංක 2294/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxviii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ එස්. එල්. ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන විලාසිතා වෙළඳ භාණ්ඩ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය සහ ව්‍යවහාරික තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 සැප්තැම්බර් 07 දිනැති අංක 2296/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේශන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය, සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ගිණුම්කරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය, සීගීස් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන සංචාරක හා ආගන්තුක සත්කාර පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය සහ නාගානන්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ෆො බුඩිස්ට් ස්ටඩීස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 10 දිනැති අංක 2301/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xl) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය (ICASL) විසින් ප්‍රදානය කරන ව්‍යවහාරික ගිණුම්කරණය පිළිබඳ ගෞරව උපාධිය සහ ව්‍යවහාරික ගිණුම්කරණය පිළිබඳ උපාධිය, ඉන්ටර්නැෂනල් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන මෘදුකාංග ඉංජිනේරුකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන පරිගණක පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශන විශාරද උපාධිය, සහ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර විශ්ලේෂණය පිළිබඳ කළමනාකරණ ගෞරව සහ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ කළමනාකරණ ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 19 දිනැති අංක 2302/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xli) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xlii) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 4 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සාදන ලදුව වැවිලි අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ, 2021 සැප්තැම්බර් 17 දිනැති අංක 2245/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xliii) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 25 වගන්තිය යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සාදන ලදුව වැවිලි අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ, 2021 ඔක්තෝබර් 06 දිනැති අංක 2248/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xliv) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 4(2)(ඊ) සහ 8(1) වගන්ති සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සාදන ලදුව වැවිලි අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ, 2021 ඔක්තෝබර් 06 දිනැති අංක 2248/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xlv) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 25 වගන්තිය යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සාදන ලදුව වැවිලි අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ, 2021 දෙසැම්බර් 14 දිනැති අංක 2258/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xlvi) 2007 අංක 7 දරන සමාගම් පනතේ 477 වගන්තිය සමඟ කියවිය යුතු 527 වගන්තිය යටතේ සහ 2005 අංක 11 සමිති (සංශෝධිත) ආඥාපනත සමඟ කියවිය යුතු 1891 අංක 16 දරන සමිති ආඥාපනතේ (123 අධිකාරය) 19 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ඔක්තෝබර් 25 දිනැති අංක 2303/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
(i) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව (වාර්තාව 1)
ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී.
(ii) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව (වාර්තාව 2)
ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු අනුරාධ ජයරත්න මහතා
(ii) ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා
(iii) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් දෙකයි
(iv) ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා
(v) ගරු නීතිඥ මධුර විතානගේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ගුරු උපදේශක සේවයේ ගැටලු
අධ්‍යාපන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
පාරිභෝගික භාණ්ඩවල මිල හා ආනයනය කිරීම ආදිය සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගරු නලින් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
හිඟ විදුලි බිල්පත් පිළිබඳ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්
(ii) ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
අරගලකරුවන් විසින් මැයි 9 වැනිදා ගිනි තබන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ දේපළ සඳහා වන්දි ගෙවීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ
“නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා වෘත්තීයවේදී බැංකුකරුවන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ආයතන සම්බන්ධීකරණය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජගත් සමරවික්‍රම මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1650 ට 2023 ජනවාරි මස 17 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






