2022 දෙසැම්බර් මස 13 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-12-13 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXIII කොටස, සිව්වැනි කාණ්ඩයේ XVI කොටස සහ හයවැනි කාණ්ඩයේ VI, VII, VIII, IX, X, XI,XII, XIII, XIV, XV, XVI හා XVII කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2020 සහ 2021 වර්ෂ සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා හා ගිණුම්
(iv) 2019 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2021 වර්ෂය සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 7(3), 8, 10, 11 හා 12 වගන්ති සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාව සමඟ කියවිය යුුතු 27 වගන්තිය යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2022 ඔක්තෝබර් 20 දිනැති අංක 2302/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(viii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 27(1) හා (5), 28(2) හා(3), 64(2) හා 70 වගන්ති සමඟ කියවිය යුුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය බල ප්‍රදේශයේ හා එහි සිට ව්‍යාපාර කටයුත්තක් සිදු කිරීමට බලයලත් තැනැත්තෙකු ලෙස සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවෙන් විමසා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 සැප්තැම්බර් 28 දිනැති අංක 2299/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ix) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 27(1), 41(3)(ඊ) හා 41(9) වගන්ති සමඟ කියවිය යුුතු 71(1) වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවෙන් විමසා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 සැප්තැම්බර් 28 දිනැති අංක 2299/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(x) (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 158 වගන්තියේ (2) සහ (3) උපවගන්ති සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජූලි 07 දිනැති අංක 2287/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නසීර් අහමඩ් මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
(ii) ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1457 ට 2023 ජනවාරි මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






