ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 දෙසැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-12-09

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම   

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(1) වගත්තිය යටතේ, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2023 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන, එකී පනතේ 35(3) වගන්තිය ප්‍රකාරව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)    2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු චමින්ද වි‍ජේසිරි මහතා  
                 
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සම්බන්ධයෙන්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 34 සහ 35 වශයෙන් සඳහන් වන) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-

(i)    එකතු කළ අගය මත බදු (සංශෝධන) - තුන්වැනි වර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 82; විරුද්ධව 41)
(ii)    ‍දේශීය ආදායම් (සංශෝධන) - තුන්වැනි වර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 79; විරුද්ධව 36)

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා සේවකයින්ගේ ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජයන්ත සමරවීර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1829 ට 2022 දෙසැම්බර් මස 13 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි