ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 දෙසැම්බර් මස 01 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-12-01

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු විදුර වික්‍රමනායක මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විජිත බේරුගොඩ මහතා                   
(ii)    ගරු අනුප පස්කුවල් මහතා                    
(iii)    ගරු ගුණතිලක රාජපක්ෂ මහතා      
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - පහළොස්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1911 ට 2022 දෙසැම්බර් මස 02 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2023]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි