2022 නොවැම්බර් මස 30 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-11-30 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XVII කොටස;
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIII කොටස;
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XL කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXIV හා XXXV කොටස්;
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVI, XXXVII හා XXXVIII කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXVI, XXVII හා XXVIII කොටස්; සහ
• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XI, XII, XIV, XV,XVII, XVIII හා XIX කොටස්, තෙවැනි කාණ්ඩයේ VII, VIII, IX හා X කොටස් සහ නවවැනි කාණ්ඩයේ VIII, IX, X, XI, XII හා XIII කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 2019/2020 වර්ෂය සඳහා කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන්
ගරු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා, ගරු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා සහ ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - දහහතරවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනා සම්මතය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1909 ට 2022 දෙසැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






